මගේ කවි හිත
Wednesday, 11 December 2013
මියෙනු මිස......
අහෝ,
දැන් කුමක් කරන්නද..... !!
පහන් එළියක් සේ හදුනා ගත්
ගිනි සිළුවෙන්ම මියෙනු මිස......
අසරණ සළඹයෙකු සේ..............
Tuesday, 10 December 2013
ලෝ දහම....
මලක් වී පිපුනි නම්
ඒ අන් දේකට නොව
සුවදවත් කරන්නයි ලෝකය....
ගහක් වී වැඩුනි නම්
ඒ අන් දේකට නොව
සෙවණක් වෙන්නයි ලෝකයට.....
බතක් වී ඉදුනි නම්
ඒ අන් දේකට නොව
පුරවා ලන්නයි මිනිස් කුස.....
ගගක් වී ගැලුවා නම් නම්
ඒ අන් දේකට නොව
නිවාලන්නයි ලෝ පිපාසය....
සුවද දුන් මලක්වත්,
සෙවන දුන් ගහක්වත්,
කුස පිරූ බතක්වත්,
පිපා සිද වූ ගගක්වත්,
නොපරවේ - නොමැලවේ - නොසිදේ
එයයි ලෝ දහම....
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)